ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට රටම බලන් සිටි ඉන්ධන සහනය දෙන්නේ මෙහෙමයි

Report

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීමට ඉදිරි මාස තුනක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එබැවින් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වෙනුවෙන් මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්.

ඒ අනුව ඔක්තෝබර් මාසයට රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය වෙනුවෙන් රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය වෙනුවෙන් රුපියල් බිලියන 12.15ක් ලෙස වෙන් කිරීමට නියමිතව ඇත.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

එබැවින් මෙම මාස තුන සඳහා ඩීසල් සහනාධාරය වෙනුවෙන් වෙන් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 40.65ක් වේ.

මේ අතර මෙම සහනයේ අරමුණ ලෙස රජය සඳහන් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීමයි.

මේ බව අද(29) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්