අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අද (29) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුයි.
ඔහුව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් පසුගිය (17) දින අත්අඩංගුවට ගෙන තිබුණේ නීතිවිරෝධී ආකාරයට බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළවයි.
ක්‍රිෂ් සහ එයාර් බස් ගනුදෙනු දෙකේ තොණ්ඩු දෙක එකටම නාමල්ගේ බෙල්ලට - රටම බලන් ඉන්න නඩු දෙකකටම නාමල් අද උසාවියට
ඒ අනුව හිටපු සභාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වූයේ 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීමයි.