“මිනිසා ඝාතනය කිරීම නොව, මිනිසා ජීවත් කරවීමයි සිදුවිය යුත්තේ” - විපක්ෂ නායක සජිත්ගෙන් පැහැදිලි කිරීමක්

Report

රට තුළ සිදුවන වෙඩි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා නීතිය හා සාමය මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු ලෙස අවධානයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බද්දේගම ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව ඇති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එවැනි සිදුවීම් සමාජයේ සිදුවන පරිහානියක් ලෙස ද දැකිය හැකි බව ප්‍රකාශ කළේය. “අප රටේ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවීමයි” යනුවෙන් අවධාරණය කළ ඒ මහතා, ප්‍රශ්න සහ ගැටලු ඇති වූ විට ඒවා සාකච්ඡා මාර්ගයෙන් හා අදහස් හුවමාරුවෙන් නිරාකරණය කිරීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්මලාන, කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි. “ප්‍රදර්ශන බෞද්ධකම නොව, ප්‍රායෝගික බෞද්ධකම අවශ්‍යයි” ශ්‍රී ලංකාවේ පන්සල් 14,129ක්, දහම් පාසල් 10,347ක්, පිරිවෙන් 824ක් සහ ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් පවතින බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

“ජනපතිට ‘සහෝදරයා’ ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි” - දුමින්ද දිසානායකත් ජනපතිට ‘සහෝදරයා’ කියයි

“ජනපතිට ‘සහෝදරයා’ ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි” - දුමින්ද දිසානායකත් ජනපතිට ‘සහෝදරයා’ කියයි

ඔහු පැවසුවේ මේ වන විට රටට අවශ්‍ය වන්නේ ප්‍රදර්ශන බෞද්ධකමක් නොව, ප්‍රායෝගික බෞද්ධකමක් බවයි. පන්සල් පද්ධතිය දියුණු කර, සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

එමෙන්ම දහම් පාසල් පද්ධතිය දියුණු කර දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම තුළින් දහමින් සපිරි පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතු බවත්, එමඟින් ශීලාචාර, ශිෂ්ටසම්පන්න සහ ප්‍රබුද්ධ පුරවැසියන් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිදහස් හා නිවහල් රටක ශිෂ්ටසම්පන්න පුරවැසියන් නිර්මාණය කිරීම සඳහා දහම් පාසලට වැදගත් කාර්යභාරයක් පැවරෙන බව ද ඔහු පැවසීය.

ගමේ සහ නගරයේ පන්සල් මෙන්ම සෙසු ආගම් හා සංස්කෘතීන්ට අයත් ආගමික සිද්ධස්ථාන ද ශිෂ්ටසම්පන්න පුරවැසියන් නිර්මාණය කිරීමට ඉවහල් වන බැවින්, එම ආගමික සිද්ධස්ථාන ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

නාමල් රාජපක්ෂ යළි බන්ධනාගාරයට - ඇප ඉල්ලීම ඉවතට - උණුසුම් වන එයාර් බස් ගුවන් යානා නඩුව

නාමල් රාජපක්ෂ යළි බන්ධනාගාරයට - ඇප ඉල්ලීම ඉවතට - උණුසුම් වන එයාර් බස් ගුවන් යානා නඩුව