හිටපු නි. කථානායකවරයෙක්ට ලොකු චෝදනාවක් බොරු කියලා වන්දි අරන් - පැටිකිරිය එළි වෙයි

Report

ඉකුත් දා ඇති වූ ආපදා තත්ත්වයෙන් තම ව්‍යාපාරික ස්ථානයට හානි සිදු වූ බව කියමින් හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන වන්දි මුදල්, කිසිදු හානියක් සිදු නොවූ ව්‍යාපාරික ස්ථාන හිමියන් පිරිසක් වෙත ද අක්‍රමවත් ආකාරයට ගෙවා ඇති බව ද මෙහිදී සභාපතිවරයා පෙන්වා දී ඇති බව වාර්තා වේ.

කර්ණාටක මහ ඇමති නාමල්ට මදි නොකියන්න කවලා

කර්ණාටක මහ ඇමති නාමල්ට මදි නොකියන්න කවලා

"මම කුඩා පරිමාණ ව්‍යවසායකයින් කිහිප දෙනෙකුට වන්දි චෙක්පත් පිරිනැමුවා. ඒ අතර හිටපු නියෝජ්‍ය කථානායකවරයාත් හිටියා. නමුත් පසුව නිලධාරීන් මට දැනුම් දුන්නා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට කිසිදු ආපදා හානියක් සිදුව නැති බව. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි."

එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යවසාය සංවර්ධන අධ්‍යක්ෂවරයා පැවසුවේ හිටපු නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට තමන් වන්දි ගෙවූ බවයි.

අද හයිටියට වෙලා තියන දේ ඉදිරියෙදී ලංකාවට සිදුවෙයි දිලිත් අනතුරු අගවයි

අද හයිටියට වෙලා තියන දේ ඉදිරියෙදී ලංකාවට සිදුවෙයි දිලිත් අනතුරු අගවයි

කෙසේ වුවද අදාළ ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා නොකළ බවත්, කොලොන්න ප්‍රාදේශීය කාර්යාලයෙන් ඉදිරිපත් කළ වාර්තාව මත පදනම්ව මෙම ගෙවීම් සිදු කළ බවත් ඔහු පවසා ඇති බව සඳහන්.

තවද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.එස්. නිශාන්ත මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා ව්‍යාපාරිකයන් 76 දෙනෙකුට මෙම වන්දි මුදල් ලබා දී තිබෙන බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙන නොමැති බවත් ය.

අදාළ අධ්‍යක්ෂවරයා නිසි ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව ගෙවීම් නිර්දේශ කළේ නම් මෙම අක්‍රමිකතාව වළක්වා ගැනීමට තිබූ බව ද ඔහු පෙන්වා දී ඇත.

මේ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කරන බවයි.

ආයෙත් පාසල්වල ප්‍රශ්නයක් - පාසලක විදුහල්පතිවරයෙකු ගැනත් විමර්ශන

ආයෙත් පාසල්වල ප්‍රශ්නයක් - පාසලක විදුහල්පතිවරයෙකු ගැනත් විමර්ශන