කර්ණාටක මහ ඇමති නාමල්ට මදි නොකියන්න කවලා
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ප්‍රණීත ආහාරවලින් සංග්‍රහ සත්කාර කර තිබෙන බවට වාර්තා වේ.
ඒ නාමල් රාජපක්ෂ ඉකුත් දා ඉන්දියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී බව සඳහන්. ඉකුත් බදාදා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවීම නාමල්ගේ ඉන්දියානු චාරිකාවේ සුවිශේෂී අවස්ථාවක් වූ බවට ආරංචි වේ.
ඒ අනුව අගහරුවාද දවලදී නාමල්ට කර්ණාටක මහ ඇමතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ,
"හෙට අපේ ප්‍රාන්ත සභාවේ බොහොම උණුසුම් දවසක්. කාර්යබහුලත්වය වෙනදට වඩා වැඩ වැඩී ඒත් අපි කොහොමහරි මුණගැහෙමු.හෙට උදේම මගෙ නිල නිවසට එන්න" යනුවෙන්.
ඒ අනුව නාමල් බදාදා උදේ බැංගලෝර් නුවර පිහිටි කාවේරි රෙසිඩන්ස් හෙවත් මහ ඇමති නිල නිවසට ගිය බවත් එහිදී කර්ණාටක මහ ඇමතිවරයා නාමල්ව වාහනය ළගටම ඇවිත් පිළිගෙන ඇත්තේ,
"ඔබතුමාගේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ගැන මම ගොඩාක් උනන්දුවෙන් අධ්‍යනය කළා. මම කැමතියි ඒ අත්දැකීම් ශ්‍රීලංකාව සමග බෙදාගැනීම සදහා අවස්ථාවක් හදන්න. මහ ඇමති සිද්ධරාමයියා සමග සාකච්ඡාවේදි නාමල් ඉල්ලීමක ස්වරූපයේ යෝජනාවයක් කළා. අපිට පුළුවන් ලංකාව එක්ක ඒ සුහදත්වය ඇතිකරගන්න. අනාගත තරුණ දේශපාලන නායකයො ඒ මඟ යන එක හොද ප්‍රවේශයක්. අනික ඔබතුමාගෙ පියාගෙ කාලෙ ඉදන්ම අපි ලංකාව එක්ක බොහොම ළගින් වැඩ කටයුතු කළා. මම අපේ නියෝජිතයන් පිරිසක් එවන්නම් ඒ ගැන අධ්‍යනය කරන්න."
නාමල්ගෙ යෝජනාවට මහ ඇමතිවරයා එවෙලේම එකගතාව පළ කළේ එසේ බව සඳහන්.
එමෙන්ම "අපි ඔබතුමාට උදේ කෑම ලෑස්ති කළා. එන්න අපි මොනවහරි කමු," යනුවෙන් කළ ආරාධනය සමඟ නාමල්ට මහ ඇමතිවරයාම දෙතුන් පාරක් කෑම බෙදීම හේතුවෙන් වෙනදට උදේට වැඩිපුර නොකන නාමල්ට අද ටිකක් වැඩිපුර කන්න වුණ බවත් සඳහන්.