ඉදිරි දිනවල කාලගුණික තත්ත්වය පිළිබඳව විශේෂ දැනුම්දීමක් - මේ දිස්ත්‍රික්කවලට තද වැසි

Report

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද (20) බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

වායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්

වායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්

මීට අමතරව නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්