ට්‍රම්ප්ගේ අත්තනෝමතික බදුවලට යුරෝපයෙන් විරෝධය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධ වීම හේතුවෙන් රටවල් අටකට නව තීරු බදු පැනවීමට කරන ලද යෝජනාව යුරෝපීය රටවල නායකයින් විසින් දැඩිලෙස හෙළා දැක තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි බව ප්‍රකාශ කර ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එය පිළිගත නොහැකි බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ස්වීඩනය, ඇතුළු අනෙකුත් රටවල්ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය දැඩි ලෙස හෙළා දැක තිබේ.