කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව ‘අද’ බලාපොරොත්තුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.
කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය මෙහිදී ගනු ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.
මේ අතර , පාර්ලිමේන්තුව අඛන්ඩව දෙවන දිනටත් අද (05) රැස්වීමට නියමිතව තිබේ. ඊයේ (04) දිනයේ දී පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වූ අතර මෙම සතිය පුරාම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව අද දිනයේදී එකතුකළ බදු පනතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර අද දිනයේ දී ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
========================
කිරිපිටි පෝලිමේ සිදු උණු දේ - අවසන් වෙනකන් බලන්න-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
