ලෝකෙටම තර්ජනයක් වූ කොරෝනාව ගැන භයානක රහසක් එළිවෙයි - බිල් ගේට්ස්ට යවපු ඊමේල් පණිවුඩ අහුවෙයි

Report

ලොවම කැළඹූ එප්ස්ටයින් ලිපිගොනු මඟින් හෙළිවන ලෝක මට්ටමේ උපාය මාර්ග පිළිබඳ අඳුරු තොරතුරු රැසක් අතරින් නවතම අනාවරණය වී ඇත්තේ කොරෝනා වසංගතයට වසර 3කට පෙර සැලසුම් කරන ලද වසංගත වික්‍රියාවක් පිළිබඳ සැලසුමක් සම්බන්ධයෙන්.

ඒ අනුව 2017 මාර්තු 3 වන දින මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් වෙත සෘජුවම යවන ලද ඊමේල් පණිවිඩයකින් අනාවරණය වන්නේ, කොරෝනා වසංගතය පැමිණීමට වසර තුනකට පෙර වසංගත අනුකරණය සහ ජාතික ආරක්ෂාවට අදාළ ස්නායු තාක්ෂණික අවි පිළිබඳව ඉතා වැදගත් කරුණු සාකච්ඡා කර තිබෙන බවයි.

කෙසේ වෙතත් මහජන අවධානයට ලක්ව ඇති මෙම ලිපිගොනු මඟින් ලොව ප්‍රසිද්ධ ප්‍රභූන්ගේ විකෘති චර්යා විධි, සමාජ විරෝධී ක්‍රියාපිළිවෙත් මෙන්ම තාක්ෂණික සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ නව තොරතුරු දිගින් දිගටම හෙළි වෙමින් පවතියි.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

එමෙන්ම ජෙෆ්රි එප්ස්ටයින්, බිල් ගේට්ස් සහ ඔහුගේ කණ්ඩායම සමඟ පැවැත්වූ හමුවීම්වල තාක්ෂණික තොරතුරු මෙම ලිපි හුවමාරුව ඔස්සේ අනාවරණය වේ. ‘bgc3 deliveries and scope’ යන මැයෙන් යවන ලද මෙම ඊමේල් පණිවිඩය හරහා එප්ස්ටයින් විසින් ජාතික ආරක්ෂාවේ සිට සෞඛ්‍යය දක්වා වූ පුළුල් පරාසයක යෝජනා ඉදිරිපත් කර ඇත.

එමෙන්ම අඳාළ ලිපිවල බිල් ගේට්ස්ව, ‘බිල්’ යන නමින් සෘජුවම අමතා ඇති අතර, ප්‍රධාන මාතෘකා පහක් (5) යටතේ වැඩකටයුතු සිදු කෙරෙන බව සඳහන්.

එනම් වසංගත අනුකරණය හෙවත් වසංගත පැතිරීම් නිරීක්ෂණය කිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික පිරිවිතර සැකසීම, ස්නායු තාක්ෂණික අවි හෙවත් ජාතික බුද්ධි තොරතුරු සහ ආරක්ෂක කර්මාන්ත සඳහා ‘අවි’ වශයෙන් භාවිතා කළ හැකි ස්නායු තාක්ෂණයන් පිළිබඳ වාර්තාවක් සැකසීම, ඩිජිටල් සෞඛ්‍ය දත්ත එනම් පුද්ගලික සෞඛ්‍ය දත්තවල ආරක්ෂාව සහ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් පද්ධති සංවර්ධනය කිරීම, නිදන්ගත රෝග සහ මොළය ආශ්‍රිත රෝග සඳහා ස්නායු තාක්ෂණික නිර්දේශ ලබා දීම, සෞඛ්‍ය ආර්ථික විද්‍යාව එක්සත් ජනපදයේ පාරිභෝගික සෞඛ්‍ය වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කිරීම යන කරුණු ඔස්සේ එහිදී කරුණු දක්වා ඇත. විශ්ලේෂකයන්ගේ අදහස වූයේ අඳාළ ලේඛනවලට අනුව, අනාගත තාක්ෂණයන් පිළිබඳ සැලසුම් එප්ස්ටයින්ගේ මේසය මත තිබූ බව පෙනී යන්නක් බවයි.

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල

එසේම ගේට්ස් සමඟ පැවති හමුවීමෙන් අනතුරුව, රොජර්, මාර්ක්, ක්‍රිස්, ට්‍රෙවර් සහ ජෙෆ් වැනි විශේෂඥ කණ්ඩායමක් සමඟ තමන් මෙම ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලබා ගැනීමට වැඩ කරන බවයි එප්ස්ටයින් කියා ඇත්තේ. ලිපිය අවසානයේ ඔහු මේ සඳහා ලැබුණු අවස්ථාව ගැන කෘතඥතාව පළ කර තිබෙන අතර, ඕනෑම ආකාරයකින් උදවු කිරීමට තමන් සූදානම් බවද සඳහන් කර ඇත. අඳාළ තොරතුරු කාන්දු වීමත් සමඟ, 2020 වසරෙන් පසු ලෝකයම කලකට අඩපණ කිරීමට තරම් සමත් වූ වසංගතය සහ ජෛව තාක්ෂණික විවාදයන්, එප්ස්ටයින් වැනි මතභේදාත්මක පුද්ගලයින්ගේ සෙවනැල්ල යටතේ කලින්ම සැලසුම් කර තිබූ බවට වන කුමන්ත්‍රණ න්‍යායන් සහ සාකච්ඡා නැවතත් දැඩි වී ඇත.

‘එප්ස්ටයින් ලිපිගොනු’ යනු අමෙරිකානු යුක්ති කටයුතු දෙපාර්තමේන්තුවෙන් මුදාහැර ඇති, වීඩියෝ, ඡායාරූප, ඊමේල්, ලිපි යනාදී මිලියන 6කට අධික ලිපිගොනු සමූහයක් වේ.

ළඳරු කිරි පිටි ආන්දෝලනාත්මක තීන්දුව - සමාගමකට බිලියන පාඩුවක්

ළඳරු කිරි පිටි ආන්දෝලනාත්මක තීන්දුව - සමාගමකට බිලියන පාඩුවක්

ඒ අනුව ඔහු, දේශපාලනඥයින් සහ කීර්තිමත් පුද්ගලයින් ඇතුළත් ඔහුගේ සමාජීය චරිතවල සාපරාධී ක්‍රියාකාරකම් විස්තර මෙම ලිපිගොනුවල අන්තර්ගත බව සඳහන්.

ඒවා වරින් වර කොටස් ලෙස මුදාහැර ඇති නමුත් තවමත් සියල්ලම මුදාහැර නොමැති බව ද වාර්තා වේ. ජෙෆ්රි එප්ස්ටයින් යනු ඇමරිකානු මූල්‍යකරුවකු වන අතර ඔහු වරදකරු වූ දාම දූෂකයෙක් මෙන්ම ළමා ලිංගික අපරාධකරුවෙක් ද වේ.

එප්ස්ටයින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඩෝල්ටන් පාසලේ ගුරුවරයෙකු වශයෙන්.

තමාට එරෙහිව එල්ල වූ චෝදනා විභාග වෙමින් තිබෙන කාලයක නිව්යෝර්ක්හි සිරකඳවුරක සිටියදී එප්ස්ටයින් 66 වැනි වියේදී 2019 අගෝස්තු 10 වැනි දා සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබුණා. 

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග