ETF සහ EPF දෙකම ගැන අලුත් ආරංචියක් - එයට කුමක් සිදු වෙයි ද?.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By krishani Oct 04, 2023 04:05 PM GMT
krishani

krishani

Report

අද (04) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් සිදුකර තිබෙනවා.

ඒ සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි යන්නයි.

එහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"ETF සහ EPF දෙකම එකතු කරලා.. ස්වාධීන මණ්ඩලයක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වනවා.අපිට ETF සහ EPF දෙකම අවශ්‍යයි.

අනෙකුත් ස්වාධීන අරමුදල් ද ඊට ඇතුළත් වෙන්න අවශ්‍ය ද කියන එක තමයි ගැටලුව.අනෙක් කරුණ තමයි අපි ඔවුන්ගේ මුදල් අනුමත කරන්න ඕනේ ද කියන එක.

දැනට අපි ලබා දෙන්නේ රජයට විතරයි. ඉන් කොටසක් විදෙස් රටවල ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ.මම හිතන්නේ අපි එය කළ යුතුයි.

මේ රටේ ජනතාවගේ ඉතුරු කිරීම්.ඒ නිසා එම මුදල් විදෙස් රටවල ආයෝජන කරන්න අවස්ථාව දෙන්න පුළුවන්." යනුවෙන් ය.

ReeCha