රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

Report

ආහාරයක් කියන්නේ අපට කුසගින්න නිවන දෙයක් පමණක් නොවේ.ශ්‍රී  ලාංකීය ආගන්තුක සත්කාරය දන්නා අපට, ආහාර කියන්නේ වෙනමම සංස්කෘතියක්. ආදරය, සෙනෙහස සමඟ මුසුවුණු අපේ ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය අන්න ඒ නිසයි මුළු ලෝකයටම පොහොසත් වෙන්නේ.

පුංචි දූපතක පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත් විවිධ ආහාර සංස්කෘතීන් රැසකින් පොහොසත් රටක් තමයි අපි.

රස කෑම ගොඩක් ඇතුළේ අතීත මතකයන් සමඟ බැඳුණු සෙනෙහස, නැදෑ හිතවත්කම්, සිනහව සහ ආදරය එකට එකතු වූ වසර ගණනාවක සුන්දර අපේම ආහාර සංස්කෘතියක් අපට තියෙනවා.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න... | Enjoy Flavors At Reecha Food Festival

මෙවැනි සුන්දර, මනදොළ පිනා යන කෑම ගොඩක අත්දැකීම දැන් එකම තැනකදී ලබාගන්න මෙවර Reecha Food Festival මහා ආහාර සැණකෙළිය ඔබට කදිම අවස්ථාවක්.

උතුරු පළාතේ සංචාරක පරදීසයක සුන්දරත්වය මැද, කිලිනොච්චි ඉයක්කච්චියේ පිහිටි රීචා ග්‍රෑන්ඩ් පරිශ්‍රයේ පැවැත්වෙන මෙම මහා ආහාර උළෙල, එකිනෙකට වෙනස් රසවත් ආහාර රැසක් සමඟ ශ්‍රී ලාංකීය සංස්කෘතිය, සංගීතය සහ විනෝදාස්වාදය එකට එක්වන සුවිශේෂී අත්දැකීමක් ලබාගැනීමට වටිනාම අවස්ථාවක්.

පවුලේ සැම සමඟ රීචා ග්‍රෑන්ඩ්, ඉයක්කච්චි, කිලිනොච්චි වෙත අගෝස්තු 7, 8, 9 සහ 10 යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ඔබත් එක්වන්න. මෙහිදී ඔබට විවිධ ප්‍රදේශවලට අනන්‍ය වූ රසවත් ආහාර වර්ග රැසක් රසවිඳීමටත්, ඉවුම් පිහුම් කලාවේ අපූරු හැකියාවන් සජීවීව දැක බලා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

ආහාර පිළියෙල වන ආකාරය, එහි සැඟවුණු රහස් සහ දේශීය රසයන්ගේ විශේෂත්වය ඔබේ දෑස් ඉදිරිපිටම අත්විඳින්න පුළුවන්. ඊට අමතරව උතුරට අනන්‍ය සංස්කෘතික වටිනාකම් විදහා දක්වන සංස්කෘතික සංදර්ශන, කන් පිනවන සංගීතය සහ පවුලේ සැමට එකට එක්ව විනෝද විය හැකි විවිධ විනෝදාස්වාද අංග රැසකින් මෙම මහා ආහාර සැණකෙළිය වර්ණවත් වේ.

එය ආහාර උළෙලක් පමණක් නොවෙයි…

එය ශ්‍රී ලංකාවේ රසවත් උරුමය සමඟ හදවතින් බැඳෙන මොහොතක්.

එය ආදරණීයන් සමඟ ජීවිතය බෙදාගන්නා සුන්දර මතකයක්.

එය ඔබේ ජීවිතයට තවත් රසවත් පරිච්ඡේදයක් එක් කරන අත්දැකීමක්.

ඉතින් ඔබේ පවුලේ අය, හිතවතුන් සහ ආදරණීයන් සමඟ එක්ව Reecha Food Festival මහා ආහාර සැණකෙළියට පැමිණ ශ්‍රී ලාංකීය රස, සුවඳ සහ සංස්කෘතියේ අපූර්වත්වය අත්විඳින්න.

📍 ස්ථානය: රීචා ග්‍රෑන්ඩ්, ඉයක්කච්චි, කිලිනොච්චි

📅 දිනය: අගෝස්තු 7, 8, 9 සහ 10

⏰ වේලාව: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න: 📞 077 777 2353 📞 077 777 2354

Reecha Food Festival – එකම තැනකින් රස දහසක්… හදවතට දැනෙන ශ්‍රී ලාංකීය අත්දැකීමක්.