ධීවර ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

Report

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (28) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 2.00ට පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම පළාත්වල සහ ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50ක වේගයෙන් තද සුළං හැමීමේ හැකියාවක් ඇත.

අද මේ පැතිවලට ගිගුරුම් සහිත වැසි

අද මේ පැතිවලට ගිගුරුම් සහිත වැසි

කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල බොහෝ ස්ථානවල වැසි ඇති විය හැක.

වෙරළබඩ ප්‍රදේශවල නිරිත දිශාවෙන් පැයට කිලෝමීටර 30-40ක වේගයෙන් සුළං හමනු ඇත.

හලාවත සිට මන්නාරම, කන්කසන්තුරේ, මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 50-60 ඉක්මවන තද සුළං ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු වනු ඇත.

එබැවින්, මුහුදේ යන ධීවරයින් සහ නාවික පුද්ගලයින් ප්‍රවේශම් වන ලෙසත්, ධීවර කටයුතුවල නිරත වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තවදුරත්

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තවදුරත්

GovPay සඳහා රාජ්‍ය ආයතන 150 ක් එකතුවේ

GovPay සඳහා රාජ්‍ය ආයතන 150 ක් එකතුවේ