ප්‍රංශය සහ ස්පාඤ්ඤය දවන ලැව්ගිනි ඉහළට - ලක්ෂ තුනකට අධික පිරිසක් නිවෙස් හැර යයි

Report

ලක්ෂ තුනකට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කෙරේ ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ වනාන්තරවල පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ප්‍රංශයේ 'Bordeaux' නගරය අවට ප්‍රදේශවලට අධික උණුසුම් කාලගුණයක් ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ 'Gironde' කලාපය මුල් කරගනිමින් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරය අසල ප්‍රදේශවල පැතිර යන මෙම දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 325,000කට අධික පිරිසකට සිය නිවෙස් අත්හැර සුරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව තිබේ.

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ස්වභාවික සුළං මවන සහ තවත් ගිනි පුපුරු ඇති කළ හැකි යෝධ ගිනි වලාකුළක් නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ස්පාඤ්ඤයේ ද අදාළ ප්‍රදේශවලින් පුද්ගලයන් 75,000ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, මෙම ගින්න කිලෝමීටර් 280ක වපසරියක හෙක්ටයාර් 77,000ක පමණ භූමි ප්‍රමාණයක් පුරා අතිදරුණු ලෙස පැතිර ගොස් ඇත.

මෙම විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ ස්වභාවික උරුමයට සිදුවී ඇති හානිය ගණන් කළ නොහැකි තරම් අතිවිශාල බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෑතකදී ඇති වූ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ වර්ෂාව නොමැතිකම හේතුවෙන් වනාන්තර දැඩි ලෙස වියළී යාම මෙලෙස ලැව්ගිනි වේගයෙන් පැතිර යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්