වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක්...රට දැඩි අනතුරක!!!

Karapitiya Galle Hospital Rathnapura
By Aruna Aug 05, 2021 05:32 AM GMT
Aruna

Aruna

Report

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි.

මේ හේතුව නිසා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර මහ රෝහල සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කරන්නේ මේ වන විටත් රෝහලට දරාගත නොහැකි මට්ටමට රෝගීන් පැමිණෙමින් සිටින බවයි.

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් සඳහා වාට්ටු තුනක් වෙන් කර ඇති අතර මේ වන විටත් එම වාට්ටු සියල්ල පිරී ඉතිරී ගොස් තිබෙනවා.

වැඩබලන අධ්‍යක්ෂ වරයාට අනුව ඊයේ දින තුළ පමණක් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකසිය හතලිහක්.

මේ අතර රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම් ඩී ඒ රොද්‍රිගෝ ඊයේ සවස රෝහල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රත්නපුර රෝහලේ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝහල් තුළ මෙලෙස සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ කිහිපයක් පමණයි.

දශක තුනක් පුරා පැවති එල්ටීටීඊ යුද සමයේ පවා කිසිදු අවස්ථාවක මෙරට රෝහල් පද්ධතිය තුළ මෙලෙස හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුනේ නැහැ.

2004 වසරේ රට මුහුණ පෑ බරපතලම ස්වභාවික ව්‍යසනය වන සුනාමි තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා මේ අතර රෝහල් තුළ සෞඛ්‍යමය හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේය මතුවන ආපදාමය තත්ත්වයන් අනුව මෙලෙස හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery