සටන් විරාම ඊශ්‍රායලයට ගොඩ බැස්ස ඊලොන් මස්ක්. - (VIDEO)
By Wayomi
ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායලයට ගොස් තිබෙනවා.
එහිදී ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් පසුව එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.