රෝහල් නැවතත් දරුවන්ගෙන් පිරීයයි - තවත් වසංගත තත්ත්වයක් ද..?
By Sewvandhi
වසරකට පමණ පෙර දැඩි Covid-19 තත්ත්වයන් ලිහිල් කිරීමෙන් පසු චීනයේ රෝහල් නැවතත් දරුවන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
පළමු ශීත සෘතුවට පිවිසීමත් සමඟ බීජිං සහ උතුරු චීනයේ රෝහල් ශ්වසන රෝග සහිත දරුවන්ගේ පීරී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන රාජ්‍ය සහ සමාජ මාධ්‍යවලට අනුව උතුරු චීනය පුරා ප්‍රධාන නගරවල ඇතැම් ළමා රෝහල්වල රෝගීන් සිය ගණනක් පෝලිම්වල දක්නට ලැබෙනවා.
මේ අතර අද (25) චීනයේ ටියැන්ජින්හි විශාලතම ළමා රෝහලේ බාහිර රෝගී සහ හදිසි අවස්ථා අංශ වෙත ළමුන් 13,000 කට වඩා ඇතුළත් කර තිබෙනවා.
ඉන්ෆ්ලුවෙන්සා සහ ශ්වසන වෛරසය (RSV) මෙන්ම මයිකොප්ලාස්මා නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් බහුලව වාර්තා වන බවයි, බීජිං සහ උතුරු චීනයේ අනෙකුත් ප්‍රධාන නගරවල සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ.