ඉලොන් මස්ක් නැවත අලුත් කළ වාර්තාව..
Sri Lanka
By krishani
ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානය යළිත් තමා සතු කර ගැනීමට ඉලොන් මස්ක් (Elon Musk) සමත් වී ඇත.
ඒ අනුව ඔහුගේ මුළු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 187.1 ක් බව සඳහන් වේ.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පෙන්වා දෙන්නේ ටෙස්ලා සමාගමේ කොටස් සියයට 100 කින් ඉහළ ගොස් ඇති අතර ආයෝජකයින්ගේ ඉල්ලුම වැඩි වීම ඊට බලපා ඇති බව ය.
කෙසේවෙතත් ප්‍රංශ සුඛෝපභෝගී සන්නාමය වන Louis Vuitton හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකෝටිපතියෙකු වන බර්නාඩ් ආර්නොල්ඩ් (Bernard Arnault) ඉලොන් මස්ක්ගෙන් පසු එම ස්ථානයේ රැදී සිටි අතර ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 186 ක් වේ.
එමෙන්ම පසුගිය 2021 නොවැම්බර් සහ 2022 දෙසැම්බර් අතර කාලය තුල ඉලොන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 200 කට වඩා පහත වැටී තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |