අලි ඇවිත් ගම් පිටින් වනසයි. - මෙන්න ඊයේ ගලෙන්බිදුනුවැවට වෙච්ච වැඩේ. - (VIDEO)

Report

ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුරියාකඩවල ගම්මානයට කඩා වැදුණු වන අලි විසින් පීදුණු පොල් ගස් ඇතුළු පොල්ගස් 30 ක් පමණ වට්ටක්කා හා කෙසෙල් වගාව සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබෙනවා.

ගොවියන් ඉතා අසීරුවෙන් වගා කලත් තම භෝග මෙලෙස වන අලි විසින් විනාශ කිරීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් ව ඇත .

රිටිගල රක්ෂිතයේ සිටින වන අලීන්, මානංකට්ටිය වැව හරහා මෙලෙස ගම් වදින බවත් දේශපාලනඥයින් ඡන්ද කාලයට පැමිණ අලි වැටක් ලබා දෙන බවට පොරොන්දු වුවද මෙතෙක් එය සිදුව නොමැති බවත් අලිවැට නොගැසීම නිසා මානංකට්ටිය වැව හරහා තම ගම්මානයට පැමිණෙන වන අලි මෙලෙස තම භෝග විනාශ කරන බවත් ගොවීන් පවසනවා.