ඇතාගේ දළය මුලුමනින්ම ගැලවුනු අනතුර

Elephant Accident
By Gagana News Mar 07, 2025 02:00 PM GMT
Gagana News

Gagana News

Report

අද අලුයම පලුගස්වැව ප්‍රදේශයේදී මහා මාර්ගයේදී ලොරි රථයක ඇතෙකු ගැටී සිදු වූ අනතුරකින් ඇතාගේ දළය මුලින්ම ගැලවී මාර්ගයේ වැටී තිබෙව බව වාර්තා වේ.

අනතුරට පත් සත්ත්වයා වනයට පලා ගොස් ඇති අතර ගනේවල්පොළ වනජීවි නිලධාරීන් වහාම පශුවෛද්‍ය අංශ දැනුවත් කර ලොරි රථය වනජීවි භාරයට ගෙන ඇති බව සඳහන් කරයි.

එම ප්‍රදේශයේ ඇතෙක් පිළිබඳ හමු වූ සංචරණ වාර්තා වලට අනුව මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සුමේධ නම් ඇතා බව දැනට අනුමාන කර ඇති අතර මේ වන විටත් වනජීවි නිලධාරීන් ඇතා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.  

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

ඔබේ පාසලේ විදුහල්පතිවරුන් ගුරුවරුන් මේ දේ කරනවා ද ? ඉක්මනින් අගමැතිනියට කියන්න

ඔබේ පාසලේ විදුහල්පතිවරුන් ගුරුවරුන් මේ දේ කරනවා ද ? ඉක්මනින් අගමැතිනියට කියන්න

ReeCha