අභිරහසක් ඉතිරි කර කෝලියත් යන්නම යයි...

Report

 මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන නිජ භූමිය කරගත් 'කෝලිය' නමින් හඳුන්වන ඇනා අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි.

ඔයත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවාද?..එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න..

ඔයත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවාද?..එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න..

මෙම ඇතා වසර 25 ක් පමණ කාලයක් මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝදන ආශ්‍රිතව ජිවත් වූ සත්වයෙන් බවයි තොරතුරු වාර්තා වුණි.

මින්නේරිය, රොටවැට ඇල රක්ෂිත කලාපයේ තිබී ඊයේ (06) මෙම සත්වයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, මීට දින හයකට පමණ පෙර කෝලිය ඇතා මිය ගන්නට ඇති බවයි සැක පළ කෙරේ.

ලොහාන් රත්වත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට...

ලොහාන් රත්වත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට...

වයස අවුරුදු 25ක් වන මෙම සත්වයා උස අඩි අටක් පමණ වන අතර 'කෝලියගේ දළ දෙකෙන් එකක් අඩි 04 අගල් 04ක් පමණ වන අතර, අනෙක් දළය අඩි 04යි අගල් 06 ක් පමණ දිගකින් යුක්තයි.

මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කණ්ඩායම් සිදුකර ඇති අතර, මිය යාමට හේතුව තවමත් අනාවරණය කර නැහැ.

අභිරහසක් ඉතිරි කර කෝලියත් යන්නම යයි... | Elephant Koliya Dies Mysteriously


You may like this video