බෝක්කුවක සිරව අලි පැටියෙකු මිය ගිය අවාසනාවන්ත පුවත..

By Sithumi Nov 08, 2022 11:31 AM GMT
Sithumi

Sithumi

Report

මාස 07ක පමණ වයසැති අලි පැටවෙකු බෝක්කු බටයක් තුළ සිරවී මියගොස් සිටියදී අද (08) උදෑසන සොයාගෙන තිබේ. පොළොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක එම අලි පැටවා මියගොස් තිබෙනවා. 

මේ බව වනජීවි නිළධාරින් සදහන් කළ අතර ඊයේ (07) උදෑසන එම අලි පැටවා තවත් අලි රංචුවක් සමග කුඹුරුයායේ සැරිසරමින් සිට තිබේ. එහිදී අලි පැටවා ඇළට වැටීමත් සමග සැඩ පහරට ගසාගෙන ගොස් බෝක්කුවේ සිරවූ බව සිද්ධිය දැක තිබූ ගොවියෙකු පැවසුවා. 

 පසුව ඒ බව මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම්දීමට ගම්වාසීන් කටයුතු කර තිබුණා. ඒ අනුව නිලධාරීන් පැමිණ අලි පැටවා මුදාගැනීමට කටයුතු කර තිබුණත් පැය කිහිපයක් බෝක්කුවේ සිරවී සිටීම නිසා මියගොස් තිබෙනවා.