විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..
මේ වන විට, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත.
ඒ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ ය.
ඒ අනුව විදුලි නිෂ්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති ඉන්ධන මිල සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව ද ලැබී ඇති බව එම කොමිසම පැවසීය.
මෙම වාර්තාව සහ අනෙකුත් අදාළ කරුණු පදනම් කර ගනිමින් එම අධ්‍යයනය සිදුවෙමින් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එම අධ්‍යයනය පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් 17 වනදා මහජනතාවට නිකුත් කරන බවත්, ඒ අනුව මහජන අදහස් එක්රැස් කිරීමේ කටයුතු ලබන 17 වනදා ආරම්භ වන බවත් කොමිසම පැවසීය.
කෙසේ වෙතත්, උපදේශන කාලය දින 21ක් පුරාවට පැවැත්වෙන බව සදහන් වේ.
You May Like This Video👇
.