ලංකාවට ලයිට් ගියපු හේතුව ලංවිම වඳුරාගේ පිට දාලා, ඇත්ත නැත්ත හොයන්න ස්වාධීන පරීක්ෂණයක්

CEB Ceylon Electricity Board
By Kaushi Jul 25, 2025 06:29 AM GMT
Kaushi

Kaushi

Report

ඉකුත් පෙබරවාරි මස 9 වන දින ජාතික විදුලි පද්ධතියට වඳුරෙක් ඇතුළුවීම නිසා රටපුරා විදුලිය බිඳ වැටුණු බවට වාර්තා වූ සිදුවීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා අඳාළ සිදුවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ලබාදුන් වාර්තාව සෑහීමකට පත් විය නොහැකි බැවින් මෙම ස්වාධීන විමර්ශනය ආරම්භ කිරීමට තීරණය කළ බව පවසයි.

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

එසේම අඳාළ විමර්ශනය ආරම්භ කිරීම ප්‍රමාද වීමට හේතු වශයෙන් හේරත් මහතා සඳහන් කර ඇත්තේ ලංවිම වෙතින් අදාළ මූලික වාර්තාව ලැබීමේ ප්‍රමාදය සහ ඉකුත් කාලසීමාවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපදේශන ක්‍රියාවලියට කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබීමයි.

කෙසේ වෙතත් ලබන අගෝස්තු මස 5 වන දින පැවැත්වෙන මෙම විමර්ශනයට මහජන උපදේශනයක් ද කැඳවා තිබෙනවා.

එසේම ඒ සඳහා කරුණු සහිතව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇති බව පවසයි.

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

එමෙන්ම දැනටම ලංවිම වත්මන් හා විශ්‍රාමික සේවකයින් මෙන්ම සූර්ය බලශක්ති සංගම් නියෝජිතයින් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙක්ට ආරාධනා කර ඇති අතර, තවත් කැමති අයට 0772943193 යන දුරකථන අංකය ඇමතීමෙන් වේලාවක් වෙන් කරවා ගෙන සහභාගී විය හැකි බවත් දැනුම් දෙයි.

මේ අතර සන්නිවේදන අධ්‍යක්ෂවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙම මහජන සාක්ෂි විභාගයෙන් පසුව කොමිෂන් සභාව විසින් නිගමනයකට එළඹ, අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවයි.

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

ReeCha