තවදුරටත් විදුලි බිල අඩුකරලා අමාරුවේ වැටෙන්න එපා - මහ බැංකුවෙ වාර්තාව මෙන්න

Report

විදුලි ගාස්තු දෙවරක් අඩු කළද, පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ඇති බව වාර්තා වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකා විදුලිබල මණ්ඩලයේ කෙටිකාලීන ණය හා වගකීම් 2023දී රුපියල් බිලියන 292.8ක්ව තිබුණු අතර, 2024දී එය රුපියල් බිලියන 123.6ක් දක්වා අඩු වුණා.

මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)

මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)

මහ බැංකුව පවසන පරිදි, මෙය රුපියල් බිලියන 1.5ක අඩුවීමක්. එසේම, දිගුකාලීන ණය රුපියල් බිලියන 413.3 සිට රුපියල් බිලියන 409 දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වුවත්, ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් පිරිවැය අඩු නොකර හෝ ගාස්තු කප්පාදු නොකළ යුතු බව මහ බැංකුව තම වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.

එසේ නොකළහොත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය පහත වැටිය හැකි බව මහ බැංකුව අනතුරු ඇඟවීය.

විදුලි බිල ඉහළ යන ලකුණු - ලංවිමට පාඩුලු

විදුලි බිල ඉහළ යන ලකුණු - ලංවිමට පාඩුලු

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ උත්පාදනය වූ මුළු විදුලියෙන් 32.6%ක් තාප බලශක්තියෙන්ද, 32.3%ක් ජල විදුලි බලාගාරවලින්ද ලබා ගැනුණා.

විදුලි උත්පාදනයෙන් 21.2%ක් සාම්ප්‍රදායික නොවන ක්‍රම හරහාත්, 13.9%ක් පොසිල ඉන්ධන භාවිතයෙන්ත් ජනනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි