ඔබෙත් විදුලි බිල තවමත් අඩුවෙලා නැද්ද..? විදුලි බිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines AKD
By Sewvandhi Oct 17, 2024 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය චෝදනා කරන්නේ, ඔක්තෝබර් 01 වෙනිදා සිදුවිය යුතු විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

කොළඹ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කළේය.

"විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය වියයුතු විදුලි බිල පිළිබඳව දත්තයන් තාම යවලා නෑ. ජනාධිපතිතුමනි, මේ මොහොතේ බිලියන 155 ඉක්මවනවා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය.

තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි ? ඔබතුමා ජනතාවාදී නම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා මෙච්චර වෙලා බුදිද මොනවාද කරන්නේ කියලා. වහාම මේකට ක්‍රියාමාර්ග අරගෙන විදුලි බිල සංශෝධනය අවමය සියයට 45කින් අඩුකරන්න පුළුවන්."