මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ විදුලි බිල කලින්ම ඉල්ලයි. - ඇස්තමේන්තු බිල කෝටිය ඉක්මවයි.

Kandy Sri Lanka Buddhism
By Wayomi Jul 17, 2023 11:45 AM GMT
Wayomi

Wayomi

Report

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (1,32,99,010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් කලින් දක්වා තිබීම විශේෂත්වයකි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර ඇත .

ඒ, අනුව ශ්‍රී දළදා මාලිගාව රුපියල් 34,12479.00 ක මුදලක් ද, නාථ දේවාලයට රුපියල් 11,22,145 ක මුදලක් ද, විෂ්ණු දේවාලය රුපියල් 13,68385 මුදලක් ද, කතරගම දේවාලයට රුපියල් 11,02705 මුදලක් ද, පත්තිනි දේවාලයට රුපියල් 11,02705 ක මුදලක්ද ඇස්තමේන්තු කර තිබෙනවා.

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ඇස්තමේන්තුගත කර ඇති මුදල් ගෙවීම් සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත.