විදුලි බුබුළක් නිසා මරු කටට ගිය මල් කැකුළ
By Hashan
මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීම හේතුවෙන් දැරියක් මිය ගොස් තිබෙනවා.
වෙසක් පොහොය වෙනුවෙන් නිවස ආලෝකමත් කිරීම සඳහා සවිකර තිබූ විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේ දී අදාළ දැරියට විදුලි සැර වැදී ඇති බව පොලීසිය පවසා සිටියා .
මෙලෙස මිය ගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියකි.
විදුලි සැර වැදුණ අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දැරිය බේරාගෙන ඇති අතර ඇයව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.