බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අගමැතිත් රෝහලට

Report

ඊයේ (11) අලුයම රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගිය බිහිසුණු අනතුරකින් එහි ගමන්ගත් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 35කට ආසන්න පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ රෝහල්වලට ගොස් තිබේ.

මාලිමා ආණ්ඩුවෙනුත් කචල්.. - යළි කැබිනට් සංශෝධනයක්..

මාලිමා ආණ්ඩුවෙනුත් කචල්.. - යළි කැබිනට් සංශෝධනයක්..

අග්‍රාමාත්‍යවරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල්වලට ගොස්, එම රෝහල්වල ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.

එහිදී දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතාවලට මෙන්ම සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳව ද ඇය සොයා බලා ඇත.

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියහ.