කොළඹට එන සුපිරි විදුලි බස් රථ සේවාව.

Colombo Sri Lanka
By krishani Jun 18, 2023 09:30 AM GMT
krishani

krishani

Report

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

එමඟින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටලුවට විදුලි බස් රථ සාර්ථක විසඳුමක් වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලංකා ගමනාගමන මණ්ඩලය සතු මෙරට විවිධ ප්‍රදේශවල ඇති පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පියවර ගෙන ඇති බවත්  ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපාරයක් ලෙස සලකා අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු බවත් ය.