විදුලිය කපාහැරීම ගැන විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Electric Bord
By Aruna Dec 05, 2021 09:38 AM GMT
Aruna

Aruna

Report

විදුලි ඉල්ලුම අඩු බැවින් අද දිනයේ විදුලිය කපාහැරීමක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් ඊයේ දිනයේ ප්‍රකාශ කර සිටියේ, නොරොච්චෝලේ බලාගාරය යතා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බවයි.

ඊයේ (04) උදෑසන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වී තිබුණා.

සෙසු මෙගාවොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 4ක් පමණ ගත වනු ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළා.

ප්‍රධාන සම්ප්‍රේශන මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් පෙරේදා පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now