විදුලි ගාස්තු සංශෝධනයට ලබන අඟහරුවාදා කරන්න යන දේ මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Public Utilities Commission of Sri Lanka
By Aruna
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි.
විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත තවත් සෙසු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා