විදුලි බල මණ්ඩලය 08කට කඩා සමාගම් බවට පත්කරයි..කැබිනට් අනුමැතියත් ලැබේ..

Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නව සමාගමක් අටක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ලංකා විදුලි බල මන්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව ඉකුත් සතියේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් සම්ප්‍රේෂණයට සමාගම් දෙකක් බෙදා හැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවීමට යෝජිතය.

මණ්ඩලයේ දැනට පවතින සාමාන්‍යධිකාරී තණතුර වෙනුවට මෙම සමාගම් 8 සඳහා නිසි බලධරයෙකු පත් කිරීමට නිර්දේශ ලැබී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now