ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්..යළි රටටම විදුලිය නැතිවෙයි?..

Sri Lanka Ceylon electric Bord
By Aruna Dec 01, 2021 06:20 AM GMT
Aruna

Aruna

Report

ලංවිම සේවකයින් 02 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සභාපතිවරයා ගත් තීරණයට එරෙහි ව ලංවිම ඉංජිනේරු සංගමය විරෝධය පළ කිරීමත් සමඟ, ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පෙරේදා (29 වැනිදා) රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (30 වැනිදා) පැමිණිල්ලක් කර තිබේ.

කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් විදුලිය බිඳවැටී ඇති බවට ලද පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින්, එලෙස පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සඳහන් කළේය.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පෙරේදා (29 වැනිදා) රාත්‍රී විදුලිය බිඳ වැටී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now