යළි විදුලි බිල අඩු කරයි?..ඉහළ පෙළේ සාකච්ඡාවක්..

Report

අඩුආදායම්ලාභී පවුල්වල විදුලිබිල තුලනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡා සිදු කර තිබෙන බව වාර්තා වනවා.

එම අමාත්‍යාංශයේ ඊයේ(18) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් පිළිබඳවද සංවාදයට බදුන් වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වේ.

IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ..විදේශ ණය ප්‍රශස්තකරණයත් නුදුරේදීම අවසන් කරනවා... වැ.බ.මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි(VIDEO).

IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ..විදේශ ණය ප්‍රශස්තකරණයත් නුදුරේදීම අවසන් කරනවා... වැ.බ.මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි(VIDEO).