රට පුරා තෝරාගත් පිරිසකට විද්‍යුත් ආරෝපිත යතුරුපැදි..මුලින්ම දිස්ත්‍රික් 04කට.(PHOTOS)

Army Sri Lanka Electric bicycle Hambantota district Monaragala district Mathara district Rathnapura district
By Aruna Dec 20, 2021 12:58 AM GMT
Aruna

Aruna

Report

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝදපුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 55 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු අරඹන ලදී.

මෙහි පළමු අදියර ලෙසින් මොනරාගල, රත්නපුර, මාතර දිස්ත්‍රික්කයන් සදහා යතුරු පැදි එක බැගින්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ රණවිරුවන් දෙදෙනකු සදහා ද විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 5 එම දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම පසුගිය දා සිදුකරන ලදී.

මෙහි දිගුවක් වශයෙන් ඉදිරීයේ දී දිවයින පුරා විහිදී සිටින තෝරාගත් රණක්ෂිතයටපත් පූර්ණ ආබාධිත රණවිරුවන් වෙත විද්‍යුත් ආරෝපිත යතුරු පැදි බෙදා දීම සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery