ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.

Report

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගයෙන්ද ලකුණු 30ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෙන්වෙස්පාක් ක්‍රීඩාංණයේදී (02) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ පන්දුවාර 41යි පන්දු 1ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 239ක්.

ඒ අනුව, පළමු තරගයෙන් ලකුණු 93ක ජයක්ද, දෙවන තරගයෙන් ලකුණු 30ක ජයක් ද ලැබූ ශ්‍රී ලංකාවට තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ලහිරු උදාර ලකුණු 86ක්, සහන් ආරච්චිගේ ලකුණු 52ක්, චමිඳු වික්‍රමසිංහ ලකුණු 44ක් සහ සොනාල් දිනූෂ ලකුණු 40ක් ලබා ගනු ලැබීය.

පන්දු යැවීමේදී ඇන්ඩිල් සිමෙලනි ලකුණු 24කට කඩුලු 2ක්, ඇන්ඩිල් පෙහෙලුක්වායෝ ලකුණු 51කට කඩුලු 2ක් බිඳහෙලීමට සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මැතිව් බ්‍රස්ටික් ලකුණු 74ක්, මේකා ප්‍රින්සි ලකුණු 44ක්, සෙනුරන් මුත්තුසාමි ලකුණු 37ක් සහ ඇන්ඩිල් සිමෙලනි ලකුණු 27ක් ලබාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ලකුණු 48කට කඩුලු 5ක්, වනුජ සහන් ලකුණු 52කට කඩුලු 2ක්, චමිඳු වික්‍රමසිංහ, සොනාල් දිනූෂ සහ ඉෂාන් මාලිංග අතරේ කඩුල්ල බැගින් බෙදීගියා

තරගයේ වීරයා ලෙස දුෂාන් හේමන්ත සම්මාන දිනා ගැනීමට සමත් විය.