ඡන්දය කල් දෑම නිසා ගැටලු රැසක් පැනනගී..ඉඩම් ප්‍රශ්නයකුත් ඇති වෙයි..
පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කල් යාම නිසා පරිපාලනය අවුල් වී ගැටලු රැසක් උද්ගතව ඇතැයි තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙනවා.
සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (පෙබ. 28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන් ගැටලුකාරී තත්ත්වය කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත. ඉඩම් කච්චේරි පැවැත්වීමේදී පවතින ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබේ.
දේශපාලනඥයන්ගේ සහ ඡන්දය සඳහා නාමයෝජනා භාර දී ඇති අයගේ සහභාගිත්වයෙන් තොරව නිලධාරීන් හා ජනතාව සහභාගි කර ගෙන ඉඩම් කච්චේරි පැවැත්වීමට කොමිෂන් සභාව අවසර දෙන බව සඳහන් කළේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා ප්‍රධාන පුවත් පතකට පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු සැලැස්මකින් තොරව ක්‍රියාත්මක කර ඇති බවට මෙම සාකච්ඡාවේදී සඳහන් වූ බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් ම බැහැර කරන බව සඳහන් කළ සභාපතිවරයා තේරීම් භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්, ඡන්ද විමසීම කල් යෑම නිසා මුහුණපාන්නට සිදුවන ගැටලු, කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් කළ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
