තනියම හිටපු මහළු මවට කරපු අහස පොළොව නුහුලන අපරාධයක්
පල්ලේකැලේ මහවත්ත ඉහළ කුණ්ඩසාලේ නිවසක හුදෙකලාව විසූ 87 හැවිරිදි තිදරු මවක් අත්පා ගැට ගසා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙලෙස ඝාතනය කර ඇත්තේ ශ්‍රියාලතා කුලකුලසුරිය නමැති තැනැත්තියක් බව පොලීසිය සඳහන් කරයි.
එසේම පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව ඇත්තේ ඇගේ දරුවන් දෙදෙනෙකු විදේශ ගතව සිටින බවත් එක් දරුවෙකු නිවසට තරමක් නුදුරින් පදිංචිව සිටින බවත් ය.
ඒ අනුව අඳාළ නිවසේ පදිංචි ඇගේ ලේලිය ඊයේ (28) දින පස්වරු තුනට පමණ කාන්තාව සිටි නිවසට පැමිණි විටදී ඇගේ අත්පා ගැට ගසා ඝාතනය කර සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
මේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සැක කරන්නේ මෙය සොරකමක් සඳහා පැමිණි පුද්ගලයෙකු සිදු කරන්නට ඇති බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර බලගොල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.