තවත් අසාදු ලකුණක් එකතු වුණොත් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙන දේ මෙන්න
By Kaushi
නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන්.
එබැවින් අවුරුදු 02ක් තුළ මේ ආකාරයෙන් එම තණ තීරුවට තවත් අසාදු ලකුණක් එක් වූවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය දින 02 ක් තුළ නිමාවට පත් වුයේ තරගයේ ජය එංගලන්තයට හිමිකර දෙමින්.