රටේ ණය කන්ද කෝටි 29 ලක්ෂය ඉක්මවලා - මහ බැංකු දත්ත මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව, 2025 සැප්තැම්බර් මාසය අවසානය වන විට මෙරට රජයේ සමස්ත රාජ්‍ය ණය කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 2024 වසර අවසානයේදී රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870ක් ලෙස සඳහන් වී තිබූ අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ රජයේ ණය තොගය රුපියල් කෝටි 93,630කින් වැඩි වී තිබේ.

රුපියල පහතට - දවසේ ඩොලර් මිල ගණන් මෙන්න

රුපියල පහතට - දවසේ ඩොලර් මිල ගණන් මෙන්න

එමෙන්ම, සැප්තැම්බර් අවසානය වන විට රජයේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2024 අවසානයේ එය රුපියල් කෝටි 1,042,904ක් විය. එහි වැඩිවීම රුපියල් කෝටි 54,530කි.

මෙම ණය වැඩිවීම ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ වත්මන් මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රජයේ ණය කළමනාකරණයේ නව උපාය මාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ඇති ගිවිසුම් මෙම වෙනස්කම්වලට බලපා ඇති බවද සඳහන් වේ.

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

මෙම වසරේ සංචාරක පැමිණීම ඉතිහාසගත වාර්තාවක්

මෙම වසරේ සංචාරක පැමිණීම ඉතිහාසගත වාර්තාවක්