ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් - යානයක් ගිනිගෙන පොළොවට වැටී නියමුවෙක් මරුට
අමෙරිකාවේ නිව් ජර්සි ප්රාන්තයේ හැමන්ටන් නගරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම අනතුර ඊයේ දින (28) පෙරවරු 11:25 ට පමණ සිදුව ඇති අතර, ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන පොළොවට පතිත වී ඇති බව වාර්තා වේ.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කරන ආකාරයට අනතුරට පත් යානා දෙකෙහිම ගමන් කර ඇත්තේ නියමුවන් පමණයි.
එමෙන්ම එක් නියමුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් නියමුවා ජීවිත අවදානම් සහිත බරපතළ තුවාල ලබා හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.