බීමත්ව රිය පැදෙව්වහොත් නීති දැඩිවේ,

Report

මෙම වසරේදී පසුගිය වසරට සාපේක්ෂව රිය අනතුරු වැඩිවී ඇති බව පොලීසිය සදහන් කර තිබේ.

ඒ වගේම මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය මෙම රිය අනතුර සඳහා ප්‍රධාන හේතුවී ඇති බව පොලීසිය පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා මේ බව සදහන් කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවද ඒ මහතා සදහන් කළේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව‍‍යි.

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

මේ පිළිබදව පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර,මාධ්‍යවේදීන් එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ රිය අනතුරේදී පරීක්ෂණ සිදුකළ ආකාරය පිලිබඳව ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතාගෙන් විමසීමක් සිදු කරන ලදි.

 එම අවස්තාවේ අදාළ නිලධාරීන් විසින් රාජකාරි නිසි ලෙස සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පිරීක්ෂණ පවත්වන බවත් එතුමා සදහන් කර තිබේ  .

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය මෙන්න

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය මෙන්න