"ඒක දන්ත" ඝාතන සැලසුම එළියට එයි..

Sri Lanka Elephant
By Sewvandhi Aug 06, 2023 02:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශපාලනික බලපෑම් මත ගල්ගමුවේ "ඒක දන්ත" යන දෑස් අන්ධ ඇතාව මාදුරුඔය වෙත ගෙන ගොස් දමා ඝාතනය කිරීමේ කූඨ සැලැස්මක් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකරමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසා සිටියේ, මාදුරුඔය යනු දඩයක්කරුවන්ගේ රාජධානියක් බවය.

"මේ අන්ධ ඇතාව ගෙනිහිල්ලා මාදුරුඔයට දැම්මොත් මෙයා චුම්භක පේරණය ඔස්සේ, හොයාගෙන එනකොට වාහනවල, දුම්රියේ ගැටී මියයෑමේ අවදානමක් තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න දැවැන්ත ඇතෙකුගේ හෝ අලියෙකුගේ ප්‍රහාරවලට ලක්වෙලා මෙයාගේ ජීවිතය අවසන් වෙන්න ඉඩතියෙනවා.

වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ දිස්ත්‍රික් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් බලපෑම් කරපු දේශපාලන බලඅධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් හිතාමතා දැනගෙන වංචනිකව මේ ඇතා මරණයට පත්කිරීමට තමා මේ ඇතා මාදුරුඔයට ගෙනියනවා කියන්නේ."

ReeCha