හිටපු ජනපතිට විරෝධතා ගොනු කරන්න සති අටක්.

Gotabaya Rajapaksa Sri Lanka Supreme Court of Sri Lanka
By Hashini Oct 05, 2023 08:21 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා පළ කිරීමට කල් ලබා දී තිබෙනවා.

අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නීති රෙගුලාසි පැනවීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ සඳහන් වූයේ හිටපු ජනපතිගේ අදාල විරෝධතාවන් අද සිට සති අටක් ඇතුළත ගොනුකිරීමට පියවර ගන්නා ලෙසයි.  

ReeCha