බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි - හෙට ඉඳලා මෙන්න මේ ගානට ගන්න වෙන්නේ..
By krishani
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (22) සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයක් වේ.
පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් විය.
ඒ හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව සතොස හරහා සහන මිලකට බිත්තර මිල දී ගැනීමට ජනතාවට හැකි විය.
කෙසේ වෙතත්, බිත්තර නිෂ්පාදකයින් සිය බිත්තර, වෙළෙඳපොළට සීමිත ප්‍රමාණයකට නිකුත් කිරීම හේතුවෙන් සහ බිත්තර දමන කිකිළියන් මස් පිණිස විකිණීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ තුළ බිත්තර හිගයක් මතුව තිබෙනවා.