බිත්තර වලට ඒ ගමන ආය මොකක්ද වෙන්න යන්නේ?.
වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බවයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශීය වෙළඳපලේ බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පැවතීම හමුවේ මෙලෙස ආනයනය කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 49ක් 55ත් අතර මිලකටයි.