බිත්තර කාලත් හමාර ද?. බිත්තර ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.
By krishani
මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බිත්තරයක මිල රුපියල් 55 - 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බව වෙළෙඳුන් සඳහන් කළේ ය.
පසුගියදා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේ දී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි.
එවන් පසුබිමක අද (14) බිත්තර මිල යළි ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය කියා සිටියේ රතු බිත්තරයක මිල රුපියල් 50ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 49ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.