බිත්තර බෙදාහැරීම අත්හිටුවයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Aug 21, 2022 05:57 AM GMT
krishani

krishani

Report

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවූ බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පවසා සිටියේ පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බවය.

කෙසේවෙතත් පෙරේදා (19) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් ද දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙස ද පනවනු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join