උත්සව සමයේ බිත්තර මිලට වෙන්න යන දේ ගැන ඇමති කියයි - කුකුළු මස් ගැනත් තීරණයක්?.
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Food Crisis
Nalin Fernando
Egg
By krishani
බිත්තර මිලෙහි ඉහළ යාමක් උත්සව සමයේ දී අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.
එමෙන්ම කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බවයි.