බිත්තර මිල යළි ඉහළට

Sri Lankan Peoples Economy of Sri Lanka Egg Price Sinhala news
By Shehan May 02, 2025 03:57 AM GMT
Shehan

Shehan

Report

බිත්තර මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් වෙළෙඳපොලේ දක්නට ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය සතියේ රුපියල් 25ටත් වඩා අඩු මිලකට තිබූ බිත්තරයක තොග මිල දැන් රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීය.

පොල් මිල දැඩි ලෙස ඉහළට

පොල් මිල දැඩි ලෙස ඉහළට

ඔහු පවසන්නේ ලෝක වෙළෙඳපොලේ තත්ත්වය හේතුවෙන් බිත්තර සැපයුමට බලපෑම් එල්ල වන බවයි.

“කුරුළු උණ වසංගතය නිසා ඉන්දියානු බිත්තරවල ගෝලීය ඉල්ලුම වැඩිවී ඇත. මේ නිසා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සාධාරණ මිලකට බිත්තර ආනයනය කිරීම අභියෝගයක් වනු ඇත. ඉන්දියාවේ සැපයුම් අනිශ්චිත වීමත්, වෙනත් රටවලින් ආනයනයේදී ප්‍රවාහන පිරිවැය ඉහළ යාමත් මීට හේතුවයි,” යැයි ඔහු පැවසීය.

බිත්තරවලට පනවා ඇති වැට් බද්ද නිසා කර්මාන්තය අර්බුදයකට මුහුණ දී ඇති බව ගුණසේකර මහතා සඳහන් කරයි.

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

මෙම බදු බර නිෂ්පාදන පිරිවැය ඉහළ නංවා ඇති අතර, එය පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමකට බිත්තර මිල ඉහළ යාමට හේතු වී ඇත.

“වැට් බද්ද කර්මාන්තයට බරපතල පහරක් වුණා. දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කළත්, බදු බර නිසා ඉහළ පිරිවැයකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ජීවිත තර්ජනයක් ද? - ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට!

ජීවිත තර්ජනයක් ද? - ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට!

ReeCha